දක්ෂිණ අධිවේගයේ බරවකුඹුක – මත්තල – හම්බන්තොට කොටස ලබන 23 දා විවෘත වේ.

දක්ෂිණ අධිවේගි මාර්ගයේ බරවකුඹුක – මත්තල – හම්බන්තොට දක්වා වන කොටස පෙබරවාරි 23 දා විවෘත කරන බව රජයේ ආරංචි මාර්ග සදහන් කරයි. මේ අනුව විවෘත කිරීමට නියමිතව ඇත්තේ බරවකුඹුක සිට මත්තල දක්වා අන්දරවැව හරහා වන කිලෝමීටර් 21.8ක කොටසත්, අන්දරවැව සිට හම්බන්තොට දක්වා වන කිලෝමීටර් 16.6ක කොටසත් බවට වාර්තා වේ.

පසුගිය ජනපතිවරණ කාලසීමාවේදී එවකට පැවති යහපාලන රජය විසින් දක්ෂිණ අධිවේගී මාර්ගයේ මෙම කොටස නියමිත ප්‍රමිතියට ඉදිකිරීම් කටයුතු අවසන් වීමට පෙර විවෘත කිරීමට කටයුතු කළේය. පසුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අදාළ අංශ වෙත උපදෙස් දුන්නේ මෙම කොටසේ සියලුම වැඩ නිසි පරිදි අවසන් කරන ලෙසටයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *