රනිල්ට සහය පළ කරන බව ප්‍රසන්න රණතුංග පවසයි.

ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පොදු අපේක්ෂකයෙකු විය හැකි බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා ඊයේ ප්‍රකාශ කළේය.

“වික්‍රමසිංහ මහතා මීළඟ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වුවහොත් මම ඔහුට සහාය පළ කරන නමුත් ඔහු කිසිදු තහවුරු කිරීමක් කර නොමැති බව” අමාත්‍ය රණතුංග මහතා ඊයේ පස්වරුවේ මානව හිමිකම් කොමිසමට පැමිණීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසීය.

“ජාතිය ස්ථාවර කළේ වික්‍රමසිංහ මහතා නිසා මම එතුමාට සහාය දෙනවා,” අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

යෝජිත ත්‍රස්ත මර්දන පනත් කෙටුම්පත පිළිබඳව විමසූ විට අමාත්‍යවරයා කියා සිටියේ ත්‍රස්තවාදය වැළැක්වීම සඳහා යම් නීති සම්පාදනයක් තිබිය යුතු බවයි. කිසිවකුට නීතිය අතට ගැනීමට ඉඩ නොදිය යුතුයි” අමාත්‍යවරයා පැවසීය.

මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයා යළි අගමැති වන බවට පළවන වාර්තා ගැන සඳහන් කළ අමාත්‍යවරයා කියා සිටියේ තමාට එවැනි අදහසක් නොමැති බව හිටපු අමාත්‍යවරයා දැනුම් දුන් බවයි.

එමෙන්ම අරගලයට පහර දුන් අමාත්‍යවරුන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගත් ආකාරයටම ජනතාව ප්‍රකෝප කරන ආගමික නායකයින්ටද ක්‍රියා කළ යුතු බවද ඔහු කියා සිටියා.

“පාර්ලිමේන්තුව අසලදී අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා විරෝධතාවයේ නිරතව සිටිනු දුටු හෙල්මට් කල්ලියක් මගේ නිවසට ගිනි තැබුවා. පසුගිය වසරේ මගේ නිවසට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් මම දැනටමත් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ පැමිණිල්ලට කටඋත්තරයක් දෙන්න එන්න කිව්වා” යැයිද ඔහු පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *