ජූලි 1 වැනිදා සිට පවුල් මිලියන දෙකකට සුබසාධන ප්‍රතිලාභ…

රජයේ සුබසාධන වැඩසටහන යටතේ නිශ්චිත කාල රාමු සහිතව පවුල් මිලියන දෙකකට පමණ සහන සැලසීම ජූලි 1 වැනිදා සිට ආරම්භ කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිරිය මහතා පවසයි.

ඒ අනුව ‘අන්ත දිළිඳු’ කාණ්ඩය යටතේ හඳුනාගත් පවුල් ලක්ෂ 4කට වසර තුනක කාලයක් සඳහා රුපියල් 15,000ක මාසික සහනාධාරයක් හිමිවේ.

‘දුප්පත්’ කාණ්ඩය යටතේ හඳුනාගත් පවුල් ලක්ෂ 8කට පමණ වසර තුනකට මසකට රුපියල් 8,500 බැගින් ලැබේ.

‘වඳවීමේ තර්ජනයට ලක්ව ඇති’ කාණ්ඩය යටතේ හඳුනාගෙන ඇති තවත් පවුල් 400,000කට මසකට රුපියල් 5,000 බැගින් 2024 මාර්තු 31 දක්වා ලැබෙනු ඇත.

සියඹලාපිටිය මහතා පැවසුවේ, ‘සංක්‍රාන්ති’ කාණ්ඩය යටතේ පවුල් 400,000කට පමණ මේ වසරේ දෙසැම්බර් 31 වැනිදා දක්වා රුපියල් 2,500 බැගින් මාසික ප්‍රතිලාභ හිමිවන බවයි.

මෙම ප්‍රතිලාභ ලබා දෙන කාලසීමාව සහ ඊට ඇතුළත් පවුල් සංඛ්‍යාව වැඩි කිරීමට පාර්ලිමේන්තුවට බලය තිබෙන බවත් අදාළ කාලසීමාව තුළ ඔවුන් බලගැන්වීම රජයේ අපේක්ෂාව බවත් ඔහු පැවසීය.

2019 වසරේ නිකුත් කරන ලද ලෝක බැංකු වාර්තාවකට අනුව ශ්‍රී ලංකා රජයේ සුබසාධන වැඩසටහන්වලින් ප්‍රතිලාභ ලබන පිරිසෙන් සියයට 12 ක් පමණ ඉහළ ආදායම් ලබන්නන් වේ.

සහනාධාර ප්‍රතිලාභීන්ගේ නාම ලේඛනය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු විරෝධතා දැක්වීමට සහ අභියාචනා ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබෙන බව සියඹලාපිටිය මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *