රන් භාණ්ඩ උකස් කරන්නන් හට සහනයක්

ඊයේ (27) දින සිට ක‍්‍රියාත්මක වන පරිදි බලපත‍්‍රලාභී බැංකු මගින් පුද්ගලික ස්වර්ණාභරණ සුරැකුම් ලෙස තබා ගනිමින් මුදල් ණයට ලබා දීමේ දී අය කළ හැකි උපරිම පොලී අනුපාතය වසරකට 12%ක් දක්වා සීමා කර තිබෙනවා. මින් පෙර අදාළ බැංකු මගින් කරනු ලබන වාර්ෂීක පොලිය 12% ත් 17.5% ක් දක්වා පරාසයක පවතිනු ලැබීය.

මීට අමතරව වසරකට අඩු කාලයක් සඳහා ලබා දෙන උකස් අත්තිකාරම් සඳහා මසකට 1% ක උපරිමයකටද සීමා කර තිබෙනවා.

මෙම උපරිම පොලී අනුපාත බලපැවැත්වෙනු ලබන්නේ ඊයේ දින සිට අළුතින් ලබා දෙන උකස් අත්තිකාරම්වලට සහ දැනට පවතින උකස් අත්තිකාරම් ඊයේ දිනයේ සිට නැවත අළුත් කිරීමේ බවයි ශී‍්‍ර ලංකා මහ බැංකුව සඳහන් කරන්නේ.

මෙම තීරණය ගෙන ඇත්තේ කොවිඞ්-19 ව්‍යසනය හේතුවෙන් ඇති වූ අයහපත් ආර්ථික තත්ත්වය මත කෙටි කාලීන මූල්‍ය අවශ්‍යතා සපුරා ගැනීම සඳහා රන් භාණ්ඩ උකසට තබන අඩු ආදායම්ලාභීන්ට සහනයක් සැලසීිමේ අපේක්ෂාවෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *