නාවික සෙබළුන් ප්‍රවාහණය කරමින් තිබූ බස් රථයක් අනතුරට ලක්වේ

අද අළුයම 2.30 ට පමණ නාවික හමුදා නිලධාරින් ප‍්‍රවාහනය කල ලංගම බස් රථයක් අම්බලන්ගොඩ, රන්දොඹේ සංඝරාජ විහාරය ඉදිරිපිටදී තාප්පයක ගැටිමෙන් සිදුවු අනතුරෙන් නාවික භටයන් පස් දෙනෙකු තුවාල ලබා බලපිටිය මූලික රෝහලට ඇතුලත් කර තිබෙනවා.

නිවාඩු ලබා පැමිණ සිටි බද්දේගම, ගාල්ල, කොග්ගල යන ප‍්‍රදේශවල නාවික භටයන් 32 දෙනෙකු කොළඹ බලා රැගෙනඒමට යොදවා තිබූ පානදුර ඩිපෝවට අයත් බස් රථයක්. මෙලෙස අනතුරට ලක්ව තිබේ. අනතුරුව එම බස් රථයේ සිටි පිරිස අම්බලන්ගොඩ ඩිපෝවට අයත් බස් රථයකින් කොළඹ බලා රැගෙන ඒමට නාවික හමුදාව කටයුතු කළා.

බස් රථය අනතුර පත්වීමට හේතුව රියදුරුට නින්දයාම බවයි පොලිසිය පවසන්නේ.

(ඡායාරූප ලබා ගැනීම Accident 1st)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *