ආනයනය කළ බෝග වර්ග 16ක් මෙරටදීම වගා කිරීමට පියවර

මේ වන තෙක් මෙරටට ආනයනය කළ බෝග වර්ග 16 ක් මෙරට තුළ කඩිනමින් වගා කිරීම සදහා විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබේ. මේ යටතේ බඩඉරිගු, අර්තාපල්, උදු, ලොකුළුෑනු, රතුළුෑනු, මුං ඇට, රටකජු, මිරිස්, සෝයා බෝංචි, කුරක්කන්, කවුපි, තල, කොල්ලූ, කහ, ඉගුරු සහ සුදු ළුෑනු යන භෝග වගා කරනු ලැබේ.

කෘෂිකර්ම අමාත්‍යාංශය සදහන් කළේ වගාකරන ඉඩම් අක්කර භාගයක් දක්වා අවශ්‍ය බීජ සම්පූර්ණයෙන්ම නොමිලේ ලබාදෙන අතර අක්කර භාගයේ සිට අක්කර 5 දක්වා සියයට 50 ක බීජ සහනාධාරයක්ද ලබාදීමට නියමිත බවයි.

මීට අමතරව සියළු උවදුරු සඳහා වගා රක්‍ෂණයක් ලබාදෙන අතර අස්වැන්න සහතික මිලක් යටතේ මිලදි ගැනීමටද නියමිතයි. තාක්‍ෂණික සහය සහ උපදෙස්ද ජනතාව වෙත ලබාදීමටයි පියවර ගෙන ඇත්තේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *