රන්ජන්ගේ නඩුව කල් යයි

ඇඳිරි නීතිය කඩ කිරීම, එය කඩ කිරීම සඳහා ආධාර අනුබලදීම, පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම යන චෝදනා යටතේ පසුගිය 13 වැනිදා අත්අඩංගුවට ගෙන පසුව ඇප මත මුදා හැර සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ නඩුව ඊයේ (28) නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේදී නැවතත් කැඳවනු ලැබුවේය.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් රන්ජන් රාමනායක මහතාට ඇප හිමිවූයේ රටතුළ ක්‍රියාත්මක ඇඳිරිනීතිය නීත්‍යනුකූල නොවීම නිසා බවට ඇතැම් පාර්ශ්ව විවිධ ප්‍රකාශ සිදු කර ඇති බවත් එවන් ප්‍රකාශයක් අධිකරණය සිදු නොකළ බවත් පැවසූ නුගේගොඩ මහේස්ත්‍රාත්වරයා නඩුව සැප්තැම්බර් 28 වනදා යළි කැඳවීමට නියෝග කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *