Friday, October 30, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ක්‍රීඩා

හගිබිස් සුළි කුණාටුව ස්කොට්ලන්ත රග්බි ලෝක කුසලාන සිහිනය බොඳ කරයි ද?

හගිබිස් සුළි කුණාටුව ස්කොට්ලන්ත රග්බි ලෝක කුසලාන සිහිනය බොඳ කරයි ද?

ජපානයට බලපා ඇති හගිබිස්‌ නම් සුළි කුණාටුව හේතුවෙන් ජපානයේ පැවැත්වෙන රග්බි ලෝක කුසලාන තරගාවලියේ තරග 2ක් මේ වනවිටත් අත්හැර දමා තිබෙනවා. ඒ තරගාවලියේ ‘B’ කාණ්ඩාය යටතේ  පැවැත්වීමට නියමිතව තිබූ නවසීලන්තය සහ ඉතාලිය අතර තරගය සහ ‘C’ කාණ්ඩය යටතේ පැවැත්වීමට  නියමිතව තිබූ  එංලන්තය සහ ප්‍රංශය අතර තරගයත්ය.

නවසීලන්තය, එන්ගලන්තය සහ  ප්‍රංශය යන රටවල් තුන මේ වනවිටත් අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා අවසන් අතර ඉතාලියට ඒ සඳහා අවස්ථාව ලබා ගැනීමට ප්‍රසාද ලකුණක් සමග නවසීලන්තය පරාජයට පත් කළ යුතුව තිබුණා. නවසීලන්ත All Blacks රග්බි කණ්ඩායමට එරෙහිව ඉතාලි රග්බි කණ්ඩායම ඉතිහාසයේ කිසිදු දිනයක ජයග්‍රහණයක් වාර්තා කර නොමැති අතර දැනට රග්බි ශ්‍රේණිගත කිරීම් වල 12 ස්ථානයේ රැඳී සිටින ඉතාලි රග්බි කණ්ඩායමට මෙවර ලෝක කුසලානය ජයගනු ඇතැයි බොහෝ දෙනා බලාපොරොත්තු වන නවසීලන්තය පරාජයට පත් කල හැකි වේ යැයි විශ්වාස කල නොහැකි දෙයකි. එමනිසා මෙම තරග 2 අත්හැර දැමීම අර්ධ අවසන් පූර්ව වටය සඳහා කිසිදු බල පෑමක් ඇති නොකරයි.

ජපාන රග්බි කණ්ඩායම මෙවර පෙරළිකාරම කණ්ඩායමයි

හෙට දිනයේ දී ‘A’ කාණ්ඩයේ අතිශය තීරණාත්මක තරගයක් පැවැත්වීමට නියමිතයි. ඒ සත්කාරක ජපානය සහ ස්කොට්ලන්තය අතර තරගයයි. ජපානය යනු මෙවර පළමු වටයේ පෙරළිකාරම කණ්ඩායමයි. ඔවුන් පළමු වටයේ දී ලකුණු 19 – 12 ක් වශයෙන් ප්‍රබල අයර්ලන්ත කණ්ඩායම පරාජයට පත් කරනු ලැබුවේ රග්බී ලෝකයම විශ්මයට පත් කරමින්.

රග්බි ලෝක කුසලානය

හෙට දිනයේ දී පැවැත්වීමට නියමිත ස්කොට්ලන්ත – ජපාන තරගය අත්හැර දැමුවහොත් ස්කොට්ලන්තයට අර්ධ අවසන් පූර්ව වටයට සහභාගී වීමට ඇති අවස්ථාව අහිමි වී යන අතර රග්බී ලෝක කුසලාන ඉතිහාසයේ ප්‍රථම වතාවට ජපාන රග්බී කණ්ඩායමක් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබනවා. හෙට දිනයේදී එම තරගය පැවැත්වුවහොත් එය ජයග්‍රහණය කොට අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමේ වැඩි ඉඩක් ස්කොට්ලන්තයට තිබෙනවා.

  • ලෝක රග්බී ශේණිගත කිරිම්වල ජපානය 9 වැනි ස්ථානයේත් ස්කොට්ලන්තය 10 වැනි ස්ථානයේත් රැඳී සිටිනවා.
  • ස්කොට්ලන්තය සහ ජපානය අතර මේ වනවිට රග්බී තරග 7 ක් පවත්වා ඇති අතර එම සියලු තරග ජය ගැනිමට ස්කොට්ලන්තය සමත්ව තිබෙනවා.
  • ජපානයේ සමස්ථ ජයග්‍රාහී ප්‍රතිශතය 44.75% ක් වන අතර ස්කොට්ලන්තයේ එය 77% ක්
  • රග්බී ලෝක කුසලාන ඉතිහාසය තුල ජපානය අවස්ථා 3 දී ස්කොට්ලන්ත ජපානය මුණ ගැසී ඇති අතර එම අවස්ථා තුනේදීම ජයග්‍රහණය කොට ඇත්තේ ස්කොට්ලන්තයයි.

2015 රග්බී ලෝක කුසලාන තරගාවලියේදී අර්ධ අවසන් පූර්ව වටයට පැමිණී ස්කොට්ලන්තය එම තරගයේ අවසන් මිනිත්තුවේදී තරග විනිසුරුගේ වැරදි තීරණයක් හේතුවනේ ඕස්ට්‍රේලියාවට පරාජයට පත්වුණා.

මෙවරත් වැහි කුණාටුවක් නිසා අවාසනාවන්ත ලෙස ස්කොට්ලන්තය රග්බී තරගාවලියෙන් අර්ධ අවසන් පූර්ව වටයටත් නොපැමිණ ඉවතට විසි වේවිද?

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *