LK reports news sinhala

රග්බී ලෝක කුසලාන ඉතිහාසය වෙනස් කිරීමට ලැබුණු අවස්ථාව දකුණු අප්‍රිකාවෙන් ගිලිහී යයි

2019 රග්බි ලෝක කුසලාන තරඟාවලිය පසුගිය 20 වැනි දා ජපානයේ දී ආරම්භ වුණා. ඒ සත්කාරක ජපානය සහ රුසියාව අතර පළමු වටයේ තරඟයත් සමගින්. ලෝක රග්බී ශ්‍රේණිගත කිරීම්වල 10 වැනි ස්ථානයේ රැඳී සිටින ජපානය අතින් ශ්‍රේණිගත කිරීම්වල 20 වැනි ස්ථානයේ රැඳී සිටින රුසියාව පරාජයට පත්වූණා. ඒ ලකුණු  30-10 ක් වශයෙන්.

තරගාවලිය ආරම්භවීමට පෙර සිටම පළමු වටගේ සියලු දෙනාගේ වඩාත් අවධානය දිනාගත් තරගය බවට පත්ව තිබුනේ නවසීලන්තය සහ දකුණු අප්‍රිකාව අතර තරගයයි. රග්බි ලෝක කුසලානයට පෙර ජූලි මාසයේ මෙම කණ්ඩායම් දෙක එකට මුණගැසුණේ දකුණු අප්‍රිකාවේදීය. එම තරගය ජය පරාජයෙන් තොරව අවසන් වූ අතර නවසීලන්තය, ඕස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව සහ ආර්ජන්ටිනාව තරඟ වදින “රග්බි චැම්පියන්ෂිප්” තරගාවලිය වසර 10 කට පසු ජයග්‍රහණය කරන්නටත් දකුණු අප්‍රිකානු රග්බි කණ්ඩායමට මේ වසරේදී හැකියාව ලැබුණා.

දකුණු අප්‍රිකාව පළමු වටයේදී නවසීන්තය පරාජයට පත්කොට රග්බී ලෝක කුසලාන ඉතිහාසය වෙනස් කරනු ඇතැයි ඇතැම් විචාරකයන් පවා විශ්වාස කළා. මොකද 1987 වසරේදී ආරම්භ වුන රග්බි ලෝක කුසලාන ඉතිහාසය තුළ නවසීලන්ත ඕල් බ්ලැක්ස් රග්බී කණ්ඩායම කිසිදු විටක පළමු වටයේ තරගයක් පරාජයට පත්වී නැහැ.

එහෙත් රග්බී ලෝක කුසලානය පිට පිට තෙවන වතාවටත් නවසීලන්ත රග්බී කණ්ඩායම විසින් ජයග්‍රහණය කරනු ඇති බවට තිබෙන බලාපොරොත්තු ඉහළ නංවමින් ලකුණු 23 – 13 ක් වශයෙන් මෙම තරගය ජයග්‍රහණය කිරීමට නවසීලන්ත රග්බී කණ්ඩායම සමත් වුණා.

(Image – The Independent)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *