Saturday, October 31, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

යාපනයේ සිට මහනුවර දක්වා ගමන් ගත් බසයක ක්ල්මෝ බෝම්බයක් – යුවළක් අත්තඅඩංගුවට

යාපනයේ සිට මහනුවර දක්වා ගමන් ගත් බසයක ක්ල්මෝ බෝම්බයක් – යුවළක් අත්තඅඩංගුවට

යාපනයේ සිට මහනුවර දක්වා ගමන් කරමින් තිබූ බස් රථයක ක්ලේමෝ බෝම්බයක් ගෙන යමින් සිටි හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකාවක හා ඇයගේ සැමියා පරන්තන්හිදී ඊයේ (02 වැනිදා) අත්අඩංගුවට ගෙන ඇත. මෙම බෝම්බය බුමුතුරුණු සහිත බෑගයක සඟවා තිබී ඇති අතර බුද්ධි අංශ ලබා දුන් තොරතුරකට අනුව පොලිස් – හමුදා ඒකාබද්ධ මෙහෙයුමකින් මෙම වැටලීම සිදු කර ඇත. මෙලෙස බෝම්බය ගෙනයන අවස්ථාවේ එම යුවළගේ දරුවාද ඔවුන් සමග සිට තිබේ.

මෙම කොටි ජාලය ස්විට්සර්ලන්තයේ සිට ක්‍රියාත්මක බව හෙළිවී ඇත. මෙම කොටි ජාලය උතුර හා නැගෙනහිර ඉලක්ක දෙකකට ක්ල්මෝ ප්‍රහාර එල්ල කිරීමට බෝම්බ රැගෙන යාමට සූදානම්කර ඇතැයි හෙළිවී ඇත.

2014 අප්‍රේල් 14 වැනිදා නෙඩුන්කර්නි කැලෑවේදී හමුදා ප්‍රහාරයකින් මියගිය එල්.ටී.ටී.ඊ.යේ ගෝපි හෙවත් කජිපන් පොන්නයියා සෙල්වනායගම් යන අයගේ සොහොයුරු ස්විට්සර්ලන්තයේ සිට මෙම ප්‍රහාරය සැලසුම්කර ඇතැයි හෙළිකරගෙන ඇත.

අත්අඩංගුවට ගත් යුවළ පදිංචිව සිට ඇත්තේද අයියකච්චි, පැනික්කච්චිහි පිහිටි ගෝපි නම් ඉහත කී අයගේ මවගේ නිවසට ඉදිරිපිට නිවසකය.

එම අඹුසැමි යුවළගෙන් ලද තොරතුරු මත ඉඩමේ වළ දමා තිබූ අත්බෝම්බයක් හමුවී තිබේ. තවත් වළ දැමූ පුපුරන ද්‍රව්‍ය සොයා ඊයේ (02 වැනිදා) පොලිසිය හා හමුදාව එක්ව මෙහෙයුමක් දියත් කර ඇත.

එල්.ටී.ටී.ඊ. හිටපු සාමාජිකාවක වන අත්අඩංගුවට ගත් සැකකාරිය සතුව තිබූ ක්ලේමෝ බෝම්බය කිලෝ එකකුත් ග්‍රෑම් 800ක් බර වන අතර මෙය නැගෙනහිරට යැවීමට නියමිතව තිබී ඇත. මෙම බෝම්බය තමාට ලැබුණේ යතුරුපැදිකරුවකුගෙන් බවට ඇය හෙළිකර තිබේ.

මෙම කාර්ය සඳහා විදෙස් කොටි ජාලය ඇයගේ ගිණුමට මුදල් දමා ඇත. ඇය තම හත් හැවිරිදි දරුවා මෙම කටයුත්තට රැගෙන ගොස් ඇත්තේ සැකයක් ඇති නොවීමේ උපක්‍රමයක් ලෙසය.

මෙම යුවළ යාපනයටත් බෝම්බයක් රැගෙන ගොස් ඇතැයි හෙළිවී තිබේ. මෙම කණ්ඩායමේ ඉලක්කය කුමක් දැයි සෙවීමට යුද හමුදා බුද්ධි අංශය පොලිස් ත්‍රස්ත විමර්ශන ඒකකය මෙහෙයුමක් අරඹා ඇත.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *