ප්‍රතිකාර ලබමින් සිටි මහර බන්ධනාගාර රැඳවියෙක් රාගම රෝහලෙන් පැන යයි

මහර බන්ධනාගාර ගැටුමින් තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටි රැඳවියෙක් එම රෝහලෙන් ඊයේ (02) රාත්‍රියේ පළා ගොස් ඇතැයි රොහල් ආරංචි මාර්ග සඳහන් කරයි. පැනගොස් ඇති අතර රැඳවියා සොයා මේ වන විට මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව ද වාර්තා වේ.

ඉකුත් 29 වන දා මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්තාවයෙන් රැඳවියන් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර ඉන් රැඳවියන් 8 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව ඊයේ (02) දිනයේ තහවුරු විය.

මේ අතර තුවාල ලබූ රැඳවියන්ගෙන් 38 දෙනෙකු කොවිඩ් ආසාදිතයන් බව මින් පෙර හඳුනාගැනුණි. තුවාල ලැබූ 106 දෙනෙකු අතරින් 28 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර සුළු තුවාලකරුවන් රෝහලෙන් පිටත් කර යවා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *