යළ කන්නය සඳහා හිඟයකින් තොරව පොහොර සපයන්න – ජනපති නියෝග කරයි

යළ කන්නයට අවශ්‍ය පොහොර හිඟයකින් තොරව කඩිනමින් ගොවීන්ට ලබාදෙන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා නිලධාරීන්ට නියෝග කර තිබේ.

ඇණවුම්කර තිබෙන පොහොර තොග ඉදිරි දින කිහිපයේදී මෙරටට ළඟාවන බවත් එම පොහොර ප්‍රමාදයකින් තොරව බෙදාහැරීමට විධි විධාන සලසන ලෙසටත් පොහොර බෙදීමේදී ගොවීන් අපහසුතාවයට පත් නොකරන ලෙසද නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

එමෙන්ම පොහොර වල ප්‍රමිති පරීක්‍ෂණ වාර්තා දින 10 ක් ඇතුළතදී ලබාගන්නා ලෙසද නිලධාරීන්ට පැවැසීය. පොහොර ගෙන්වීම හා බෙදාහැරීම පිළිබදව වත්මන් තත්ත්වය සමාලෝචනය කරමින් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (3) පැවැති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ජනාධිපතිවරයා සඳහන් කර සිටියේ උසස් ප්‍රමිතියකින් යුතු පොහොර නිෂ්පාදනය කරන රටවල් හඳුනාගෙන එම රටවලින් පොහොර ආනනයන කරන ලෙසත්, නිරෝගී අනාගත පරපුරක් බිහිකිරීම වෙනුවෙන් කාබනික පොහොර නිෂ්පාදනය වැඩිකිරීමට පියවර ගන්නා ලෙසත්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *