මේ මාසයේදී සිරකරුවන් අට දහසකට නිදහස

කොරෝනා ප‍්‍රශ්නයත් සමග බන්ධනාගාරවල තදබදය සලකා බලා මේ මාසය තුළ සිරකරුවන් අට දහසකට නිදහස ලැබෙනු ඇති බවට වාර්තා වේ.

බන්ධනාගාර ඇමැති ලොහාන් රත්වත්ත මහතා ප‍්‍රකාශ කර ඇත්තේ සිරකරුවන් නිදහස් කීරීම සම්බන්ධව නීතිපති දෙපාර්තමේන්තුව සමගද සාකච්ඡා පවත්වා ඇතිබවයි.

මෙලෙස නිදහස් කිරීමට තීරණය කරනු ලබන්නනේ සුළු වැරදිවලට සම්බන්ධ හා දඩ ගෙවීමට නොහැකි වූ සිරකරුවන් බවටත් වැඩිදුරටත් තොරතුරු වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *