අපොස සාමාන්‍ය පෙළ විභාගයට දින නියමවේ.

බත්තරමුල්ල නෙළුම් මාවතේදී අද (07) පැවැති මාධ්‍ය හමුවකදී අධ්‍යාපන අමාත්‍යවරයා මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පවසා සිටියේ. 2021 මාර්තු 01 වැනිදා සිට මාර්තු 11 වැනිදා දක්වා අපොස සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමට තීරණය කළ බවයි. එලෙසම සියලුම සෞඛ්‍ය ආරක්ෂක උපක්‍රම භාවිතා කරමින් සියලුම විභාග මධ්‍යස්ථාන දිනපතා විශබීජ හරනය කරමින් විභාගය පැවැත්වීමට කටයුතු සැලසුම් කර ඇත.

මින් පෙර අපොස සාමාන්‍ය පෙළ විභාගය 2021 ජනවාරි මාසේ 18 වනදා සිට 27 වනදා දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබුණි. නමුත් කොවිඩ් වසංගත තත්ත්වය උත්සන්න වීම හේතුවෙන් එම දිනය කල්දැමීමට ඉකුත් නොවැම්බර් 28 වැනිදා තීරණය කෙරිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *