මෙරට අධිකරණ පද්ධතිය පූර්ණ ඩිජිටල්කරණයට

මෙරට අධිකරණ පද්ධතිය පුර්ණ වශයෙන් ඩිජිටල්කරණය කිරීම සඳහා අධිකරණ සේවා කොමිසම ව්‍යාපෘතියක් ඉදිරිපත් කර ඇති බව අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ සමගි ජන බලවේගයේ හේෂා විතානගේ මහතා පාර්ලිමේන්තුවේදී ඇසු ප්‍රශ්නයට පිළිතුරු දෙමිනි.

එහිදී අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ පසුගිය වසරේ දෙසැම්බර් 31 වන විට දිසා අධිකරණ වල වසර 15ට වඩා කල්ගතවූ නඩු 8,947ක් ද වසර 15-20ත් අතර කල්ගතවූ නඩු 3,418ක් ද වසර 20ට වඩා පැරණි නඩු 4,620ක් ද විසඳීමට පවතින බවකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *