මෙම බස්රථ වලින් ගමන්ගත් අය සිටී නම් වහාම PCR පරීක්ෂණ සිදු කරගන්න

කොරෝනා ආසාදිත යාපනයේ පදිංචි ඇගලුම්කම්හල් සේවිකාව භාවිතා කළ බස් රථ දෙකෙහි ගමන් කළ මගීන්ට වහාම පී.සී.ආර්. පරීක්ෂණයක් සිදු කරගන්නා ලෙස උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ පී. කේතීස්වරන් මහතා ඉල්ලා සිටිනවා.

මෙම කාන්තාව අංක WP ND-6503 දරණ කොළඹ සිට යාපනය බලා ධාවනය වූ “රන්සිලු” නැමැති බස් රථයේ පසුගිය සෙනසුරාදා (03) ගමන් කොට තිබුණා. එම බස් රථය සෙනසුරාදා රාත්‍රී 8.30ට කොළඹින් යාපනය බලා පිටත් වූ මෙම බස් රථය ඉරිදා (4) උදෑසන 5.00ට පමණ වනවිට යාපනයට ළඟා වී තිබේ.

අනතුරුව එම බස්රථයෙන් බැසගත් ඇය ඉරිදා උදෑසන 5.10ට ගමන් කළ NP ND-8790 දරණ ‘මාතා’නම් බස් රථයෙන් පුන්කුඩතිව්හි පිහිටි සිය නිවසබලා පිටත්ව ගොස් තිබේ.

කොවිඩ් ආසාධිත කාන්තාව ප්‍රකාශ කරන අන්දමට කොළඹ සිට යාපනය බලා ධාවනය වූ බස් රථයේ විශාල පිරිසක් පැමිණ ඇති අතර, එබැවින් එම බස් රථවලින් පැමිණි අය වේ නම් ළඟම ඇති රජයේ රෝහලට ගොස් පී.සී.ආර්. පරීක්ෂණයක් කරගන්නා ලෙස උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් ඉල්ලා සිටිනවා. මේ පිළිබඳ වැඩිදුර විස්තර 021-2226666 යන අංකයෙන් ගත හැකියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *