මහඔය නිවසට ගිය ඇගලුම් කම්හල් සේවිකාවකටත් කොරෝනා

දිවුලපිටිය කොවිඩ් 19 රෝගියාගේ ආශ්‍රිතයෙකු වූ මහඔය ප්‍රදේශයේදි හදුනාගත් කාන්තාවටද කොවිඩි 19 වැළඳී ඇති බවට තහවුරු වී තිබේ. මහඔය සෞඛ්‍ය සේවා වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසන්නේ ඒ සම්බන්ධයෙන් සිදුකල පී.සී.ආර් පරික්ෂණයේදි අද (06) දිනයේදී ඒ බව තහවුරු වු බවයි.

මෙම කාන්තාව මහඔය ඉද්දපොළ ප්‍රදේශයේ පදිංචි අයෙකු වන අතර, දිවුලපිටිය ඇගලුම් කර්මාන්ත ශාලාවේ සිට නිවාඩු ලබා නිවසට පැමිණ තිබුනේ ඉකුත් 04 වැනිදායි. පසුව කොවිඩි රෝග ලක්ෂණ මතුවීම හේතුවෙන් ඇය ඉකුත් 05 දා රෝහල් ගතකර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *