මුස්ලිම් කොංග්‍රසයත් විස්සට එරෙහි වෙයි

පසුගියදා පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කළ 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය අද ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනුකිරීමට නියමිතව තිබේ. මෙම සංශෝධනයේ අඩුපාඩු රැසක් පවතින බව මුස්ලිම් කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් කියා සිටියි.

විසිවන ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව මේ වනවිට පෙත්සම් 18ක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත්ව ඇති අතර, ඒවා සළකා බැලීමට අගවිනිසුරු ජයන්ත ජයසූරිය ඇතුළු පංචපුද්ගල විනිසුරු මඩුල්ලක්ද පසුගිය 25 වනදා පත් කරනු ලැබුවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *