මිහින්තලා පුදබිමේ ප්‍රතිසංස්කරණ කටයුතු ජනපතිගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ

ඓතිහාසික මිහින්තලා පුදබිමේ මිහිඳු මහා සෑය, මිහිඳු ලෙන් සෙනසුන සහ ධාතු මන්දිරය ප්‍රතිසංස්කරණ කටයුතු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඥානානන්ද නාහිමියන් ප්‍රමුඛ මහා මෙව්නා භාවනා අසපු සංචිතයේ දායකත්වයෙන් ප්‍රතිසංස්කරණ වැඩ ඊයේ (24) පස්වරුවේ ආරම්භ කරනු ලැබීය.

මිහින්තලා පුද බිමට පැමිණි ජනාධිපතිතුමා ධාතු මන්දිරය වැඳ ආශිර්වාද ලබා ගත් අතර, මිහිඳු මහරහතන් වහන්සේගේ පළමු පාදස්පර්ශය සිදුවූ ස්ථානය සේ සැලකෙන “චන්ද්‍රකාන්ති පාෂණය” පිහිටි සේල චෛත්‍ය මළුවේ ඉදිකෙරුණු මිහිඳු පිළිරුව ජනාධිපතිතුමා අතින් විවෘත කෙරිණ. ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ හා මිහිඳු මහරහතන් වහන්සේගේ ශාරීරික ධාතූන් වහන්සේ තැන්පත් කර ඇති ශෛලමය කරඬුව තැන්පත් කර ඇති මන්දිරය බැතිමතුන්ගේ වන්දනාමානයන්ට පහසුවන ප්‍රතිසංස්කරණ කිරීමද මෙම වැඩපිළිවෙළහි තවත් එක් අදියරකි.

මෙරට ඇති සෑ රදුන් අතරින් පැරණිතම චෙත්‍යයක් ලෙස මිහිඳු මහා සෑය සලකනු ලබන අතර, දීර්ඝ කාලයක සිට නටඹුන්ව ඇති මිහිඳු මහා සෑය පෞරාණිකත්වය ආරක්ෂා වන අයුරින් ප්‍රතිසංස්කරණය කිරීමටද ඊයේ ආරම්භ විය. 2014 වසරේ වැඩ ආරම්භ කරන ලදුව, 2015 වසරේ සිට ඇණ හිට තිබූ ධර්මශාලා මන්දිරයේ ඉදිකිරීම් ද ප්‍රතිසංස්කරණ වැඩසටහනට සමගාමීව සිදු කෙරේ. පූජ්‍ය පැල්පොල විපස්සි හිමියෝ ඊට දායකත්වය සපයන අතර, සියලු ඉදිකිරිම් ලබන පොසොන් පොහොයට පෙර අවසන් කිරීමට සැලසුම් කර තිබේ.

මිහිඳු මහ රහතන් වහන්සේ භාවනානුයෝගීව වැඩ හිදි බවට විශ්වාස කෙරෙන මිහිඳු ගුහාව හෙවත් මිහිඳු ලෙණ පිහිටි ස්ථානයට ළඟාවීමට ඇති මාර්ගයේ ශෛලමය පිය ගැට පෙළ ඉදිකිරීම ප්‍රතිසංස්කරණ වැඩසටහන යටතේ සිදු කෙරෙන අතර එම වැඩසටහනට ශ්‍රී ලංකා යුද හමුදාව සහ නාවික හමුදාව ශ්‍රම දායකත්වය සපයයි.

මිහිඳු මහා සෑය වැඳ ආශිර්වාද ගත් ජනාධිපතිතුමා සෑ රදුන් අභියස පැවති ආගමික උත්සවයට සහභාගී වූ අතර එහිදී ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ ශ්‍රී කල්‍යාණවංශ පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය කිරිබත්ගොඩ ඥානානන්ද හිමිහන් පවසා සිටියේ නිදහස් පරිසරයක් සහිත සංවර්ධිත රටක් ගොඩනැගීමට ජනාධිපතිතුමාට සහාය විය යුතු බවයි.

ශ්‍රේෂ්ඨ නායකයෙක් රට භාරගෙන ඇති බව පෙන්වා දුන් උන්වහන්සේ සියලු මතවාද, මතභේද අතහැර ජාති, ආගම්, පක්ෂ භේදයෙන් තොරව රට ගොඩනැගීමට සක්‍රීය ව දායක විය යුතු බව අවධාරණය කළහ. රජ දවසින් පසු රාජ්‍ය නායකයෙකුගේ සහභාගීත්වයෙන් මිහිඳු පුර අටවක අනුස්මරණ දිනය සැමරීම සුවිශේෂත්වයක් බවද මහා සංඝරත්නය පෙන්වා දුන්හ.

Image may contain: 5 people, people standing and outdoor

Image may contain: 1 person

Image may contain: 1 person, standing and crowd

Image may contain: one or more people, people on stage, wedding and outdoor

Image may contain: 3 people, people standing

Image may contain: one or more people, people standing and food

Image may contain: one or more people

Image may contain: one or more people and people standing

Image may contain: one or more people and outdoor

Image may contain: sky, airplane and outdoor

Image may contain: one or more people, sky and outdoor

Image may contain: 3 people, outdoor

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *