කංජිපානි

තම ජීවිතය බේරා දෙන ලෙස කංජිපානි ඉම්රාන් හඬා වැටෙයි

තමා බැලීමට එන ඥාතීන් හමුවේ හඬා වැටෙමින්, සිය ජීවිතය බේරා දෙන ලෙස දෙවියන් ඉදිරියේ යාඥා කරන්නැයි ඉල්ලමින් පාතාල කල්ලි නායක කංජිපානි ඉම්රාන් බන්ධනාගාරය තුළ හැසිරෙන බව පොලිස් බුද්ධි අංශ ආරංචි මාර්ග පවසයි. දැඩි ආරක්ෂාවක් යටතේ බන්ධාගාරයේ රඳවා සිටින කංජිපානි ඉම්රාන් ඥාතීන් ඉදිරියේ මෙලෙස කුඩා දරුවකු ලෙසින් හඬා වැටෙන බවටද තොරතුරු වාර්තා වේ.

මෙරට පාතාලයේ දැවැන්ත චරිතයක් වූ මාකඳුරේ මධුෂ් මාලිගාවත්තේදී වෙඩි ප‍්‍රහාරයකට ලක්ව මිය යෑමෙන් අනතුරුව ඔහුගේ පාතාල කල්ලියේ මහ මොළකරු ලෙස හැඳින්වූ කංජිපානි ඉම්රාන් දැඩි ලෙස භීතියට පත්ව සිටින බව ද වැඩිදුරටත් තොරතුරු වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *