දුමින්ද

දුමින්දට සමාව දෙන්න – ආණ්ඩු පක්ශයේ මන්ත්‍රීන්වරුන් ඉල්ලයි

ආණ්ඩු පක්ශයේ මන්ත්‍රීන්වරුන් පිරිසක් විසින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට සමාව දෙන ලෙස ඉල්ලමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබා දීම සඳහා පෙත්සමක් අත්සන් කර ඇති බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබෙනවා.

ඔක්තෝබර් 20වන අඟහරුවාදා පැවති පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම අතරතුරදි මන්ත්‍රීවරුන්හට මෙම පෙත්සම ලබාදී ඇතිබව වාර්ථා වන අතර මෙම රැස්වීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගී වී නොමැති බවත් එහි මුලසුන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් දරා තිබු බව වාර්තා පුවත්පත කර ඇත.

රජයේ ප්‍රධාන සංවිධායක කාර්යාලය පෙත්සම බෙදා හැරීම සහ කණ්ඩායම් රැස්වීමට සහභාගී වූ සියලුම මන්ත්‍රීවරුන් පාහේ ඔවුන්ගේ අත්සන් තැබීමෙන් මෙම පෙත්සමට නිල ආශිර්වාද ඇති බව පැහැදිලි වන අතර පෙත්සම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ඉදිරිපත් කල විට දුමින්ද සිල්වා නිදහස් කිරීම ප්‍රබල බලපැමක් කල හැකි බව සන්ඩේ ටයිම්ස් පුවත්පත තව දුරටත් පෙන්වා දෙයි.

මීට පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බලයේ සිටියදී, 19 හැවිරිදි ස්වීඩන් ජාතික තරුණියක් වන ඉවෝන් ජොන්සන්ගේ ඝාතකයා වූ ජූඩ් ශ්‍රමන්ත ජයමහා හට සමාව ලබා දුන් අතර එය සමාජයේ දැඩි අප්‍රසාදයට ලක්විය.

කෙසේ වෙතත් මෙම පෙත්සම දේශපාලන කරළිය තුල මහත් පෙරළියක් ඇති කිරීමට හැකියාවක් ඇතිබව නොඅනුමානය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *