Saturday, October 31, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ලොව වටා

මැරඩෝනා මැරුණාද? මරාදැමුවාද?

මැරඩෝනා මැරුණාද? මරාදැමුවාද?

සුපිරි පාපන්දු ක්‍රිඩක මියගිය දියැගෝ මැරඩෝනාගේ මරණය පිළිබඳ මේ වන විට ඔහුගේ ප්‍රේක්ෂකයන්ගේ හා ආශ්‍රිතයන්ගේ විශාල කතාබහකට ලක්ව ඔහු මරා දැමුවාදැයි සැක සංකා මතුව ඇත.

මේ හේතුවෙන් ඔහුගේ වෛද්‍යවරයා වන වෛද්‍ය ලියෝපොල්දෝ ලුකේගේ නිවස හා වෛද්‍ය චිකිත්සාගාරය පොලීසිය විසින් සොදිසි කරන ලදී. මෙම වෛද්‍යවරයා විසින් මැරඩෝනාට සිදුකල සැත්කමකින් පසුව ඔහුගේ නොසැලකිලිමත් කම නිසාවෙන් මැරඩෝනා මියගියේදැයි මෙම පරීක්ෂණයේදී සොයා බැලේ.

මොළයේ තැම්පත් වූ රුධිර කැටියක් ඉවත් කිරීමට මෙම සැත්කම සිදුකර ඇති අතර එම සැත්කම සාර්ථක වූ බව වෛද්‍යවරයා පවසා ඇත එලෙසම මැරඩෝනා තදින් මත්පැන් පානයට යොමුව සිටි බැවින් ඔහු එයින් මුදවා ගැනීමට ප්‍රතිකාර කිරීමට යොමු කරවීමට නියමිත කර තිබූ බව වෛද්‍යවරයා පවසා ඇත.

වෛද්‍යවරයා වෙනුවෙන් සිදුකරන පරීක්ෂණ අතර සැත්කමෙන් අනතුරුව මැරඩෝනා නිවසට ගෙනයාමේදී අවශ්‍ය පහසුකම් සලසා ඇත්දැයි සැක පහළව ඇත.

තවද මතට ඇබ්බැහි වූවෙකුට ලබා දෙන පැය 24ක හෙද සේවය ලබා දුන්නේද හදිසි අවස්ථාවේ ක්‍රියාත්මක වීමට වෛද්‍යවරයෙකු යොදවා තිබුනේද, හදිසි අවස්ථාවක භාවිතා කල හැකි පරිදි හෘදය නැවත පණ ගැන්විය හැකි උපකරණ හා ගිලන් රථයක් යන පහසුකම් සලසා තිබුනේද යන්න මෙහිදී සොයා බැලේ.

නමුත් වෛද්‍යවරයා පවසා සිටියේ මැරඩෝනා ජීවත් කරවීමට කල යුතු සියල්ල තමා සිදුකල බවයි එලසම ඔහු මාධ්‍යවේදින්ට මෙලෙසද පවසා සිටියේය.

“නුඹලාට අවශ්‍ය මම වග කියන්න ඕන මොනවටද කියලනේ? ඔහුට ආදරය කලාට, ඔහුව රැකබලා ගත්තාට, ඔහුගේ ජීවත් වන කාලය දිගු කලාට, අවසානය දක්වා ඔහුගේ ජීවිතය වඩා යහපත් තත්වයකට පත් කලාට.”

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *