Sunday, November 1, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වාහන ආදායම් බලපත්‍ර ගන්න අද (01) සිට TIN අනිවාර්යයි: බස්නාහිර පළාත් මෝටර් රථ කොමසාරිස්ගෙන් ප්‍රාදේශීය ලේකම්වරුන්ට චක්‍රලේඛයක්තිරගත වෙන්නත් කලින් ශාරුක්ගේ අලුත්ම චිත්‍රපටය ‘King’ ඉන්දීය සිනමා ඉතිහාසය උඩුයටිකුරු කරයි: කෝටි 175ක පෙරළිකාර වාර්තාවක්පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක දෙකකට අද (01) දැඩි රස්නයක්: කාලගුණයෙන් ‘ඇම්බර්’ මට්ටමේ උණුසුම් කාලගුණ නිවේදනයක්!“මැටි රූපවලට කටු ගහලා මට රිද්දන්න පුළුවන්ද?”: විපක්ෂයේ හූනියම් දේශපාලනය සහ රුවන්වැලිසෑය කතාව ගැන ජනපති අනුර කුමාරගෙන් සැර ප්‍රහාරයක්මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී නොමැති යතුරුපැදි පිළිබඳ තොරතුරු ලබාදෙන්නැයි මහජනතාවගෙන් ඉල්ලීමක්නිවාඩුවක් ගතකරන්න ආයෙත් ලංකාවට එන්න”: ජාත්‍යන්තර සංගීත තරුවක් වන DJ Snake හට සංචාරක ඇමැතිගෙන් ආරාධනයක්තොරතුරු තාක්ෂණ (IT/BPO) ක්ෂේත්‍රයේ ආදායම 15.5%කින් පහළට: මුල් මාස නවයේදී ඩොලර් මිලියන 100කට ආසන්න පාඩුවක්“ඉදිරි අයවැයෙන් තවත් බදු අඩු කරනවා; හැබැයි ආදායම් ඉලක්කවලට අත තියන්නේ නෑ!” – ජනපතිශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම සහ ආයෝජන පුළුල් කිරීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සහ රජය අතර විශේෂ සාකච්ඡාවක්එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) නොවැම්බර් මාසය සඳහා ඉන්ධන මිල සංශෝධනය කරයි; පෙට්‍රල් සහ ඩීසල් මිල පහත වැටේ
ප්‍රවෘත්ති

මැයි 10 වනදා සිට ඊයේ දිනය දක්වා දින 11 ක් තුළ ආසාදිතයින් 28,880 ක් සහ මරණ 288 ක්

මැයි 10 වනදා සිට ඊයේ දිනය දක්වා දින 11 ක් තුළ ආසාදිතයින් 28,880 ක් සහ මරණ 288 ක්
ගතවූ සතියක කාලය තුලදී මෙරටින් ආසන්න වශයෙන් කොරෝනා ආසාදිතයින් 19,000 ක් සහ කොරෝනා මරණ 200 ක් වාර්තා වී ඇත.

ඉකුත් 14 වනදා සිට ඊයේ දිනය දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව 18,890 කි.

ඉන් දින 05 කදී ආසාදිතයින් 2,200 සීමාව ඉක්මවා ගිය අතර අඛණ්ඩ දින 02 කදී ආසාදිතයින් 3,400 සීමාව ඉක්මවා යනු ලැබීය.

වැඩිම ආසාදිතයින් වාර්තා වූයේ ඉකුත් 19 වනදායි. එම සංඛ්‍යාව 3,623 කි.

ඉකුත් සතියක කාලය සැසඳීමේදී මෙරටින් වාර්තා වී ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 197 ක්ය.

ඉන් වැඩිම මරණ සංඛ්‍යාවක් වන 38 ක් වාර්තා වූයේ ඊයේ දිනයේදීයි.

ගතවූ සතියේ දින 03 කදී මරණ 20 සීමාව ඉක්මවා ගිය අතර අඛණ්ඩව දින 03 කදී මරණ 30 සීමාව ඉක්මවා යනු ලැබීය.

ඊයේ වාර්තා වූ කොරෝනා මරණ අතරින් 24 දෙනෙකු අවුරුදු 71 ඉක්මවූවන් වේ.

10 දෙනෙකු අවුරුදු 61 ත් 70 ත් අතර වයස් කාණ්ඩයේද, දෙදෙනෙකු 31 ත් 40 ත් අතර වයස් කාණ්ඩයේ ද පසුවන්නන්ය.

මියගිය පිරිසෙන් 19 දෙනෙකු කාන්තාවන්ය.

ඉකුත් අප්‍රේල් මස 30 වනදා සිට මැයි 09 වනදා දක්වා දින 10 තුළ මෙරටින් වාර්තා වී ඇත්තේ ආසාදිතයින් 19,422 ක් හා මරණ 134 ක් පමණය.

මැයි 10 වනදා සිට ඊයේ දිනය දක්වා දින 11 ක් තුළ ආසාදිතයින් 28,880 ක් සහ මරණ 288 ක් වාර්තා වී තිබීම කැපී පෙනෙන තත්ත්වයකි.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *