වැඩිම දෛනික ආසාදිතයින් පිරිස ගම්පහෙන් වාර්තා වීමේ ප්‍රවණතාවක්

ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන දෛනික ආසාදිතයින් ක්‍රමයෙන් ඉහළ යමින් ඇත.

පිට පිටම දින 02 ක් තුළ මෙරට දෛනික ආසාදිතයින් වැඩිම පිරිසක් එම දිස්ත්‍රික්කයෙන් වාර්තා වීය.

පෙරේරා දිනයේ ද ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 761 ක් වාර්තා වුණි.

ඊයේ දිනයේ වාර්තා වී ඇති ආසාදිතයින් සංඛ්‍යාව 822 කි.

කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 674 ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 287 ක් වාර්තා වී තිබිණ.

ගතවූ පැය 24ට දිස්ත්‍රික්ක 09 කින් ආසාදිතයින් 100 ට වඩා වාර්තා වී ඇති අතර, ආසාදිතයින් 500 ඉක්මවූ දිස්ත්‍රික්ක 02 ක්ද ඒ අතරට අයත්ය.

කළුතරට අමතරව කුරුණෑගල හා ත්‍රීකුණාමලය යන දිස්ත්‍රික්කවලින් ද ආසාදිතයින් 200 ට වඩා වැඩියෙන් ඊයේ වාර්තා වී ඇත.

ගාල්ල, මාතර, රත්නපුර, හම්බන්තොට යන දිස්ත්‍රික්කවලින් දෛනික ආසාදිතයින් 100 කට වඩා වැඩියෙන් ඊයේ වාර්තා වුණි.

කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කළේ ඊයේ දිනයේ බස්නාහිර පළාතෙන් ආසාදිතයින් 1783 දෙනෙකු වාර්තා වී ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *