LK reports news sinhala

මහවිරු දිනයක් සැමරීමට කිසි ලෙසකින් ඉඩ ලබා නොදිය යුතුයි – ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆෝනසේකා

ක්ලේමෝ බෝම්බයක් සමඟ හිටපු කොටි ත්‍රස්තවාදියකු හමුවීමත් සමඟ ත්‍රස්තවාදයේ ගිනි පුපුරු තවමත් අළු අතරින් මතුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (03) පැවසීය. ඒ මහතා කියා සිටින්නේ සීතල පුටවල වාඩිවී උදම් අනමින් ආරක්ෂාව තහවුරු කළ නොහැකි බවයි.

වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා පවසා සිටියේ මහවිරු සැමරුම ගැන කතා කරමින් ජාතිවාදය ඇවිස්සීමට ඇතැම් පිරිසක් කටයුතු කරමින් සිටින බවත්, එහෙත් කිසිම අයුරකින් එවැනි දිනයක් සැමරීමට ඉඩ ලබා නොදිය යුතු බවත්ය.

එමෙන්ම තම පක්ෂයේ සිටින මනෝ ගනේෂන් මන්ත්‍රීවරයා ද මහවිරු දිනය ගැන අදහස් ප්‍රකාශ කළත් එය පක්ෂයේ මතය නොව, ඔහුගේ පුද්ගලික මතය බවත් ෆොන්සේකා මහතා පවසා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *