පොලිස් නිලධාරීන්ගේ අතිරේක දීමනා වැඩිකර, ආහාර සඳහාත් ගෙවීමක් කිරීමට පියවර

සියලුම පොලිස් නිලධාරීන්ගේ අතිරේක දීමනාව (බටා) වැඩි කිරීමටත්, ආහාර සඳහා ගෙවීමක් කිරීමට පියවර ගැනීමට කටයුතු කරන බවත් මහජන ආරක්ෂාව පිළිබඳ ඇමැති සරත් වීරසේකර මහතා පවසා සිටියි.

දැනට පොලිස් කොස්තාපල්වරයෙකුට අතිරේක දීමනාව වශයෙන් ගෙවන රුපියල් නවදහස් අටසියයක් සහ රුපියල් එකොළොස් දහස් දෙසීයක් අතර දීමනාවක් බවත්, ප්‍රධාන පොලිස් පරික්ෂකවරයෙකුට රුපියල් දාහතර දහසක අතිරේක දීමනාවක් ලැබෙන බවත් පාර්ලිමේන්තුවේදී කියා සිටියේය. මෙම දීමනා මුදල වැඩි කිරීම සඳහා කැබිනට් අනු කමිටුවක් පත්කර ඇතැයි බවද පැවසූ අමාත්‍යවරයා අදාළ නිර්දේශ මත දීමනා වැඩි කරන බව ද පවසා සිටියේය.

වැඩි දුරටත් කරුණු දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ ත්‍රීවිධ හමුදා සාමාජිකයන්ට ලබා දෙන ආකාරයට පොලිස් නිලධාරීන්ටද ආහාර දීමනාවක් ගෙවීමට කටයුතු කරන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *