Saturday, October 31, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

කොවිඩ් නිසා කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථානයේ සේවකයන් නෑ, ප්‍රවේශපත්‍රත් නෑ

කොවිඩ් නිසා කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථානයේ සේවකයන් නෑ, ප්‍රවේශපත්‍රත් නෑ

කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථානාධිපතිවරයාට කොවිඩ් 19 වයිරසය ආසාදනය වීමත් සමගම එහි සියලු කාර්ය මණ්ඩලය ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇති අතර මේ වන විට එම දුම්රිය ස්ථානය කාර්ය මණ්ඩලයක් රහිත දුම්රිය ස්ථානයක් බවට පත්ව ඇති බවට වාර්තා වේ.

දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ මේ වනවිට මෙම දුම්රිය ස්ථානයේ මගී ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමක් හෝ ප්‍රවේශ පත්‍ර පරීක්ෂා කිරීමක් සිදු නොවන බවත් එම දුම්රිය ස්ථානයෙන් දුම්රියට ගොඩවන මගීන්ට ප්‍රවේශපත්‍ර නොමැති වුවත් දඩ නියම නොකරන ලෙසට වෙනත් දුම්රිය ස්ථාන වෙත දන්වා තිබෙන බවත්ය.

මේ අතර දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ ලේකම් කසුන් චාමර පවසන්නේ දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාගේත් පාලනාධිකාරියෙත් නොසලකා හැරීම් නිසා දුම්රිය කොවිඩ් පොකුරක් නිර්මාණය වී තිබෙන බවත් මෙය දුම්රිය මගීන්ගේත් දුම්රිය සේවකයින්ගේත් ජීවිත අනතුරේ වැටීමට හේතු වී ඇති බවත්ය.

දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගමනාගමන) පැවසුවේ එම දුම්රිය ස්ථානයේ වැඩ බැලීම සඳහා තාවකාලික කාර්යමණ්ඩලයක් පත් කළ යුතුව ඇතත් ඒ සඳහා කිසිවකු ඉදිරිපත් නොවන බවයි.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *