මහර බන්ධනාගාරයේ සියලුම රැඳවියන්ට කොරෝනා ඇන්ටිජන් පරීක්ෂණ

මහර බන්ධනාගාරයේ 2800ක් ඉක්මවූ සියලුම රැඳවියන් මෙම සති අන්තයේ කොරෝනා ඇන්ටිජන් පරීක්ෂණයට ලක් කිරීමට තීරණය කර තිබෙන බව බන්ධනගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා සඳහන් කර සිටියි.

දිවයිනේ සෙසු බන්ධනාගාරවල රැඳවියන්ද කොරෝනා ආසාදිත දැයි තහවුරු කිරීම සඳහා අදාළ පරීක්ෂණවලට යොමු කරන බව රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා ප්‍රකාශ කර සිටියි.

මේ වනවිට මෙරට කොරෝනා ආසාදිත වූ බන්ධනාගාර රැඳවියන් සංඛ්‍යාව 1382 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *