පොලිස් බලප්‍රදේශ 13 ක් තවදුරටත් හුදකලා තත්වයේ

පවතින කොවිඩ් තත්වය සැලකිල්ලට ගනිමින් මෙරට පොලිස් බල ප්‍රදේශ 13 ක් තවදුරටත් හුදකලා තත්ත්වයේ පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියි.

ඒ අනුව අටලුගම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වසම් 9ක් හා අලවතුවල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වසම් 2ක් හුදකලා තත්ත්වයේ පවතින බවයි ඒ මහතා දන්වා සිටින්නේ. මීට අමතරව මට්ටක්කුලිය සහ වැල්ලම්පිටිය ප්‍රදේශවල ස්ථාන කිහිපයක්ද තවමත් හුදකලා මට්ටමේ පවතින බවයි ඒ මහතා පවසා සිටියේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *