Saturday, October 31, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

ක්ලේමෝ බෝම්බයේ හෝඩුවාව හොයාගත්තේ මෙහෙමයි.

ක්ලේමෝ බෝම්බයේ හෝඩුවාව හොයාගත්තේ මෙහෙමයි.

යුධ හමුදාව අද දින රටේ පවතින කොවිඩ් ගැටලුවට සාර්ථකව මූන දෙමින් සිටින අවදියක වුවද ඔවුන් දැඩිව ජාතික ආරක්ෂාව පිළිබද දැඩි අවදානයකින් සිටින බව යුධ  හමුදාපති ශවේන්ද්‍ර සිල්වා පැවසීය.

පසුගියදා මෙලස පරන්තන් හීදී  ක්ලේමෝ බෝම්බයක් සමග අත් අඩංගුවට ගත් අඹුසැමියුවල ගැන සදහන් කරමින් ඔහු පවසා සිටියේය එලෙසම අත්අඩංගුවට ගත් යුවළ පදිංචිව සිට ඇත්තේ අය්යකච්චි, පැනික්කච්චිහි පිහිටි ගෝපි හෙවත් කජිපන් පොන්නයියා සෙල්වනායගම්ගේ මවගේ නිවස ඉදිරිපිට නිවසකය.

2014 අප්‍රේල් 14 වැනිදා නෙඩුන්කර්නි කැලෑවේදී හමුදා ප්‍රහාරයකින් මියගිය LTTEයේ ගෝපි යන අයගේ සොහොයුරු ස්විට්සර්ලන්තයේ සිට ප්‍රහාරයක් සැලසුම් කර ඇති බව බුද්ධි අංශ මගින් හදුනාගෙන ඇත.

ඒ අනුව ක්‍රියාත්මක වූ හමදාව හා පොලීසිය මෙම මෙහෙයුම සිදුකර සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

“මේක අලුතින් හදපු ක්ලේමෝ බෝම්බයක් නෙමෙයි. මේක පරණ ඒ කාලේ හදපු ක්ලේමෝ එකක්. ඒ කාන්තාව සුළු කාලයකට හෝ ත්‍රස්තවාදීන් සමග සම්බන්ධවෙලා කටයුතු කරපු කෙනෙක්. LTTE සංවිධානයට යුදමය අතින් කරගන්න බැරිවෙච්ච දේ මතවාදී වශයෙන් තවදුරටත් ඉදිරියට රැගෙන යෑමට කටයුතු කරන අය විදෙස් රටවලත් ශ්‍රී ලංකාවේත් ඉන්නවා. මේ රටේ ත්‍රස්තවාදයට ඝෘජුවම සම්බන්ධවෙලා හිටපු අය 12,000ක් පමණ අපි පුනුරුත්තාපනය කරලා සමාජගත කරනු ලැබුවා. මේ වගේ අය හෝ ආර්ථික දුෂ්කරතාවලින් පෙළෙන අයට පිටරටවල ඉඳලා මුදල් එවලා මෙවැනි ක්‍රියාවන් සඳහා සම්බන්ධකර ගන්නවා. ඒ වගේ තත්ත්වයන් අපි දකිනවා. හමුදාව වෙන වෙන කටයුතු සඳහා අවදානය දෙමින් සිටින කාලවල තමයි මෙවැනි දේවල් කරන්න උත්සහ ගන්නේ. ඒ මොනවා කරත් මේ රටේ හමුදාව ඉතාමත් අවදානයෙන් ඉන්නෙ. යුද හමුදා බුද්ධි අංශය තමයි මේ සොයා ගැනීම කරනු ලැබුවේ. රටේ ජනතාව ආරක්ෂා කර ගැනීම සඳහා පවතින ඕනෑම තත්ත්වයක් යටතේ ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය ගතයුතු සියලුම ක්‍රියාමාර්ග ගනු ලබනවා.”

යුධ හමුදාපති ශ්වේන්ද්‍ර සිල්වා.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *