මයික්‍රෝ කාර් සමාගමෙන් කෝවිඩ්-19 මෙහෙයුමට බස් රථයක් පරිත්‍යාග කෙරේ

COVID-19 මර්දන වැඩපිළිවෙළට දායක කර ගැනීම සඳහා මයික්‍රෝ කාර් ලිමිඩට් සමාගම විසින් රුපියල් ලක්ෂ 90ක් පමණ වටිනා බස් රථයක් පරිත්‍යාග කර තිබේ. එම බස් රථය අද (27) දහවල් ජනාධිපති කාර්යාලයේ දි මයික්‍රෝ කාර් ලිමිටඩ් සභාපති ආචාර්ය ලෝරන්ස් පෙරේරා මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාරදෙනු ලැබීය. ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග යන මහත්වරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *