“බුරවී” වෙරළාසන්න පහත්බිම් යටකිරීමේ අවදානමක්.

පස්වරු  7ත් 10ත් අතර කාලය තුල ත්‍රිකුණාමලයෙන් දිවයිනට ඇතුලත් වීමට නියමිත බුරවි සුළිකුණාටුව මේ වන විට ත්‍රිකුණාමලයට කිලෝමීටර් 200ක් පමණ දුරකින් ත්‍රිකුණාමලයට ලගාවෙමින් පවතී.

මෙම සුළිකුණාටුව ත්‍රිකුණාමලයෙන් රට තුලට ඇතුල් වී බටහිර දෙසට ගමන් කර මන්නාරම් බොක්ක දෙසට ගමන් කරනු ඇතැයි මේ වන විට උපකල්පනය කර ඇත.

තවද සුළි කුණාටුව සමග සුළඟේ වේගය පැ.කි.මී 80 -90 පමණ වන අතර විටින් විට පැ.කි.මී 100 දක්වා වැඩි විය හැකි බැවින් ත්‍රිකුණාමලය සිට කන්කසන්තුරය දක්වා වන පූනරීන් සිට පුත්තලම දක්වා වන වෙරළබඩ ප්‍රදේශවල මුහුදු රළ, උදම් රළ මට්ටමට වඩා මීටරයක් පමණ ඉහළ යා හැකි බවත්, වෙරළාසන්න පහත්බිම් මුහුදු ජලයෙන් යට විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අනතුරු අගවා ඇත.

කෙසේ නමුත් සුළිකුණාටුවෙන් ඇතිවිය හැකි සියලු හානි අවම කර ගැනීමට රජය සියලු පාර්ශව දැනුවත් කර ඇති බව රජෙයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි එලෙසම හානි සිදුවිය හැකි වෙරළාසන්න ප්‍රදේශ හී ධීවර බෝට්ටු හැකිතාක් ආරක්ෂිතව තබාගැනීමට ගොඩට ගෙන හොදින් ගැට ගසා තබන ලෙස ධීවර ප්‍රජාව දැනුවත් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *