Saturday, October 31, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

සමුගැනීමේ සාදයක් පැවැත්වූ දොස්තරට කොරෝනා – සහභාගී වූ පිරිස් සොයා පරීක්‍ෂණ

සමුගැනීමේ සාදයක් පැවැත්වූ දොස්තරට කොරෝනා – සහභාගී වූ පිරිස් සොයා පරීක්‍ෂණ
Technicians carry out a diagnostic test for coronavirus in a lab at the Rambam Hospital in Haifa, on March 30, 2020. Photo by Yossi Aloni/Flash90 *** Local Caption *** וירוס קורונה מעבדה בדיקות בודקים רמב"ם דגימות קופת חולים לאומית אור יהודה

ගම්පොළ ශික්‍ෂණ රෝහලේ වෛද්‍යවරයකු සිය ස්ථාන මාරුව වෙනුවෙන් සාදයක් පවත්වා ඇති අතර, එම වෛද්‍යවරයා කොරෝනා ආසාදිතයකු බවට තහවුරු වීමත් සමගම එම රෝහලේ බාහිර හදිසි ප‍්‍රතිකාර ඒකකය සහ 6, 9 යන වාට්ටු දෙක වසා දමා තිබේ. එමෙන්ම හෙද කාර්ය මණ්ඩලයේ හා කිහිපදෙනෙක් හා වෛද්‍යවරුන් කිහිපදෙනෙක්ද නිරෝධායනයට යොමු කර ඇති අතර එම වෛද්‍යවරයා ඇසුරු කළ පිරිස් සොයා සෞඛ්‍ය අංශ මගින් ඊයේ (07) පරීක්‍ෂණයක් අරඹා තිබේ.

රෝහල් අධ්‍යක්‍ෂ චමිල් විජේකෝන් මහතා පවසන්නේ රෝහලේ සිටි ගැබිනි මවුවරුන් වහාම පේරාදෙණිය රෝහලට හා මහනුවර ජාතික රෝහල වෙත මාරුකර යවා ඇති බවත්ය.

මෙම වෛද්‍යවරයාගේ බිරිඳ ද වෛද්‍යවරියකවන අතර කරාපිටිය රෝහලේ සේවය කරන ඇය කොරෝනා ආසාදනයට ලක්ව සිටින බවද සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

කොවිඩ් ආසාදනයට ලක්වූ මෙම වෛද්‍යවරයා පශ්චාත් සීමාවාසික පුහුණුව ලබා පිටව යෑමට සූදානමින් සිට ඇති අතර පී. සී. ආර්. පරීක්‍ෂණයට ලක්කර සිටි අතරතුර ඔහුට ලැබී ඇති ස්ථාන මාරුවත් සමග රෝහලේ හෙද කාර්යමණ්ඩලය හා කනිෂ්ඨ කාර්යමණ්ඩලය සඳහා වෙනම සාදයකුත්, වෛද්‍යවරු සඳහා ගම්පොළ පෞද්ගලික රෝහල් ශාලාවක තවත් රාත‍්‍රි සාදයකුත් පවත්වා ඇති බවට වාර්තා වේ.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *