බදියුදීන් දුරකතනය උඩුමහලෙන් බිමට දාලා, හැඳුනුම්පත් නිල රථයේ කාපට් යට සඟවලා

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි රිෂාඩ් බදියුදීන් මහතා සැඟවී සිටි දෙහිවල ඇන්ඩර්සන් පාරේ පිහිටි තෙමහල් නිවසේ ඉහළ මාලයේ සිට ඔහුට අයත් ඇපල් වර්ගයේ දුරකතනය බිමට දමා ඇති බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා ඊයේ (27) කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා හමුවේ අනාවරණය කලේය.

අධිකරණය හමුවේ විමර්ශනය සම්බන්දයෙන් කරුණු දක්වමින් ඒ මහතා කියා සිටියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තාමේන්තුවේ නිලධාරීන් හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේ මෙම ඇපල් වර්ගයේ දුරකතනය බිමට දමා ඇති බවයි.

එමෙන්ම රිෂාඩ් බදියුදීන් මහතා සැඟවී පලා යන අවස්ථාවේ ඔහුට අයත් නිල රථයේ කාපට් එක යට ඔහුගේ පාර්ලිමේන්තු නිල හැඳුනුම්පත සහ පුද්ගලයන් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුවෙන් නිකුත් කර ඇති හැදුනුම්පත සඟවා තිබියදී අත්අඩංගුවට ගත් බවත් දිලීප පීරිස් මහතා අධිකරණය හමුවේ කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *