අමෙරිකානු රාජ්‍ය ලේකම් අද ජනපති සහ අගමැති හමුවෙයි

ඉන්දියානු සංචාරය නිමවා ඊයේ (27) රාත්‍රියේ මෙරටට පැමිණි අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා අද (28) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග ද්විපාර්ශවික සාකච්ඡාවක් පැවැත්විමට නියමිතව තිබේ.

ජනාධිපතිවරයා සහ අගමැතිවරයා මුණගැසී ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්විමෙන් අනතුරුව අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා සහ විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහභාගී වන විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්විමට නියමිත අතර, ඉන් අනතුරුව පොම්පියෝ මහතා කොච්චිකඩේ දේවස්ථානයේ නිරික්ෂණයකට සහභාගී වන බව වාර්තාවේ.

අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා ඇතුළු දූත පිරිස අමෙරිකා එක්සත් ජනපද ගුවන් හමුදාවට අයත් බෝයින් 757 දරණ ගුවන් යානයෙන් ඊයේ රාත්‍රි 07.35ට පමණ දිවයිනට පැමිණ තිබේ. එම පිරිස අමෙරිකානු තානාපති කාර්යාලයේ නිළධාරින් මෙන්ම විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිළධාරින් පිරිසක් විසින් පිළිගනු ලැබීය.

අද දහවල් ආමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා සිය සංචාරය අවසන් කර මාලදිවයින බලා පිටත්ව යාමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *