වෛරසය

ඊයේ දිනයේ කොරෝනා රෝගීන් 457ක් වාර්තා වෙයි

ඊයේ (27) රාත්‍රීය වන විට ඊයේ දිනය තුළ වාර්තා වූ මුළු ආසාදිතයින් සංඛ්‍යාව 457ක් බව කොවිඩ් 19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටියි.

මේ අතර මිනුවන්ගොඩ සහ පෑලියගොඩ පොකුර ආශ්‍රිතව වාර්තා වී තිබෙන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 5396ක් දක්වා ඉහළ ගොස් තිබේ. එමෙන්ම මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවද 8870ක් වන අතර ඉන් 4043 දෙනෙකු සුවය ලබා ඇත. මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටින සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 4808 ක් වනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *