බංග්ලාදේශය ප්‍රබල ඉනිමක

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේ පළමු දිනය නිමාවන විට සංචාරක බංග්ලාදේශ කණ්ඩායම කඩුලු දෙකක් දැවී ලකුණු 302ක් රැස්කර තිබේ.

මහනුවර, පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී මෙම තරඟය පැවැත්වේ.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ බංග්ලාදේශ කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස සයිෆ් හසන් ලකුණු බිංදුවකට දැවී ගියේ මුළු ලකුණු ගණන 8ක්ව තිබියදීය.

අනතුරුව තමීම් ඉක්බාල් සමග පිටියේ එක්වූ නජ්මුල් හොසේන් ෂන්ටෝ, දෙවැනි කඩුල්ල සඳහා ලකුණු 144ක් එක් කළේය.

ඉක්බාල් ලකුණු 90යි.

දිනය නිමාවන විට ෂන්ටෝ නොදැවී ලකුණු 126ක් සහ නායක මොමිනුල් හක් නොදැවී 64ක් රැස්කර තිබුණි.

පන්දු යැවීමෙන් විශ්ව ප්‍රනාන්දු ලකුණු 61ට කඩුලු 2යි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *