ප‍්‍රියංක ප‍්‍රනාන්දුට එරෙහි නඩු තීන්දුව ලබන 23 වැනිදා ප්‍රකාශ කෙරේ

2018 වසරේ පෙබරවාරි මස 4 වැනි දින එක්සත් රාජධානියේ ලන්ඩන් අගනුවර පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට පැවැත්වුන විරෝධතා ව්‍යාපාරයක් අතරවාරයේ එම විරෝධතාවාදීන්ට මරණ තර්ජන කළ බවට දක්වමින් කොටි ඩයස්පෝරාව හිටපු ආරක්ෂක උපදේශක මේජර් ජනරාල් ප‍්‍රියංක ප‍්‍රනාන්දුට එරෙහිව බි‍්‍රතාන්‍ය මහාධිකරණය හමුවේ පැවරූ නඩුවේ තීන්දුව දෙසැම්බර් 23 වැනිදා ප‍්‍රකාශයට පත් කිරීමටය නියමිතව තිබේ.

බි‍්‍රතාන්‍ය මහාධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කළ බි‍්‍රතාන්‍ය නීතිවේදියා පවසා සිටින්නේ ප‍්‍රියංක ප‍්‍රනාන්දුට තානාපති මුක්තිය ඇති බවත්, ඔහුට එරෙහිව කිසිදු නීතිමය පියවරයන් ගැනීමට අධිකරණයට බලයක් නොමැති බවත්ය.

එම තීන්දුව ප්‍රකාශයට පත් කළේ එවක මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍ය උපදේශක බ්‍රිගේඩියර් ප්‍රියන්ත ප්‍රනාන්දුට එරෙහිව පවරා තිබුණ නඩුව විභාග කළ වෙස්ට්මිනිස්ටර් මහේස්ත්‍රාත් අධිකරණය විසිනි. මීට පෙර එරට මහෙස්ත‍්‍රාත් අධිකරණය ප‍්‍රියන්ක ප‍්‍රනාන්දු මහතා වරදකරු කර තිබුණේ එම නඩුව විභාග කළ වෙස්ට්මිනිස්ටර් මහේස්ත්‍රාත් අධිකරණය විසිනි.

මෙම නඩුවේ පැමිණිලිකරුවන් අතර කොටි ක‍්‍රියාකාරීහු දෙදෙනෙක් සහ සිංහල ජාතිකයෙක්ද වෙති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *