පූජා නගර ආශ්‍රිතව කොවිඩ් ව්‍යාප්තියේ වර්ධනයක්

පූජා නගර ආශ්‍රිතව කොවිඩ් ව්‍යාප්තියේ වර්ධනයක් මේ වනවිට දක්නට ලැබෙන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

එබැවින් වන්දනා ගමන් සීමාකිරීම වඩාත් යෝග්‍ය බව ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කළේය.

“විශේෂයෙන් අනුරාධපුර පූජා නගරය ආශ්‍රිතව පසුගිය සති 2 තුළ කැපීපෙනෙන ලෙස රෝගීන්ගේ ඉහළයෑමක් වාර්තා වුණා. ඒ නිසා ඉදිරියට එන සති කිහිපය තුළ අපි පරිස්සම් වෙන්න ඕනේ.”

මේ අතර මේ මොහොතේ දේශපාලනික අරමුණු වෙනුවෙන් ජන ඒකරාශීවීම් සිදුකර රටේත් ජනතාවගේත් සෞඛ්‍ය අනතුරේ හෙළීමට කටයුතු නොකරන්නැයි රජයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය දේශපාලනඥයින්ගෙන් ඉල්ලීමක් කරයි.

ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා,

“මහජනතාව කොළඹට එක්රොක් කරමින් විරෝධතා පැවැත්වීම ගැන අපිට සෞඛ්‍ය අංශ ලෙස ගැටලුවක් තියෙනවා. අපි අහසුවෙන් ලබාගත් ඉලක්කය දේශපාලන කාරණා නිසා අවදානමේ හෙළන්න එපා කියලා ආයාචනා කරනවා.”

මෙරටින් වාර්තා වන දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව තවදුරටත් ඉහළ යමින් ඊයේ නව ආසාදිතයින් 716 දෙනෙකු වාර්තා වී තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *