පොලිස් කොමිසමේ ලේකම් අත්අඩංගුවට

ඇවන්ගාඩ් පාවෙන අවි ගබඩාවේ සිද්ධිය සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිසමේ ලේකම් සමන් දිසානායක මහතා රහස් පොලිසිය මගින් අද(18) අත්අඩංගුවට ගනු ලැබීය.

ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු අත්අඩංගුවට පත්වූ අතර මීට පෙර ඇවන්ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන් සමන් දිසානායක මහතා ඇතුළු 7 දෙනෙක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපති දැනුම් දී තිබිණි.

තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස සමන් දිසානායක මහතා අපේක්ෂිත ඇප අයදුම්පතක් ඉදිරිපත් කළද එය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කෙරිණි. ඉන්පසු ඔහු අද පෙරවරුවේ රෝහල් ගතවූ නමුත් රෝහලට පැමිණි අපරාධ පරීක්ෂණ නිලධාරී කණ්ඩායමක් විසින් ඔහු අත්අඩංගුවට ගනු ලැබීය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *