මහ වැසි සමග හැටන් – කොළඹ මාර්ගය අවහිරවෙයි

හැටන්-කොළඹ ප්‍රධාන මාර්ගයේ දියගල ප්‍රදේශයේදී ප්‍රධාන මාර්ගය හරහා ගසක් කඩා වැටිම නිසා රථවාහන ධාවනයට බාධා ඇතිවී ඇතැයි පොලීසිය පවසයි.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශයට අද(18) අලුයම් කාලයේ සිට නොනැවතී මහ වැසි ඇදහැළෙන බවත් බොහෝ ස්ථාන මීදුමෙන් වැසී පැවතිම නිසා ප්‍රධාන මාර්ගවල රිය ධාවනය ද අසීරූ වී ඇති බවත් වාර්තා වේ.

දියගල ප්‍රදේශයේ මාර්ගය හරහා ගසක් කඩා වැටීමත් සමග හැටන් සිට කොළඹ හා මහනුවර ආදී පෙසදස්වලට ගමන් ගන්නා වාහන ධාවනය මුළුමනින්ම ඇණ හිටින ලදී. මේ අතර දියගල ප්‍රදේශයේම තවත් ස්ථානයක මාර්ගය හරහා පස් කන්දක්ද කඩා වැටී ඇතැයි වාර්තා වේ. පවතින අධික වැසි තත්ත්වය හේතුවෙන් වංගු සහ බෑවුම් සහිත මාර්ගවල රිය ධානවයේදී වඩාත් කල්පාකාරී වන පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

(තොරතුරු – අද දෙරණ ඇසුරිණි)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *