අධික වැසි හා සුළං සමග රට පුරා අනතුරු ඇගවීම්

පවතින අධික වැසි හා සුළං තත්ත්වය හේතුවෙන් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් අනතුරු වාර්තා වී ඇත.
ගාලු පිටත වරායේ නැංගුරම්ලා තිබූ නැවක් සැඩපහරකට හසුවී ඇතැයි වාර්තා වේ. එමෙන්ම කළු හා කැලණි ගංගාවල ජල මට්ටමද සීඝ්‍ර ලෙස ඉහළ යමින් පවතින බැවින් එම ගංගා අවට වැසියන්ට අවධානයෙන් පසුවන්නැයි කාලගුණ විදය්‍යා දෙපාර්තමේන්තුව දන්වා සිටී. රත්නපුර ප්‍රදේශ කිහිපයකින් සුළු ගංවතුර තත්ත්වයක්ද වාර්තා වී තිබේ. පවතින වැසි හා අධික සුළං තත්ත්වය මත මුහුදු යාමෙන් වළකින ලෙසද කාලගුණ විද්‍ය දෙපාර්තමේන්තුව ධීවරයින්ගෙන් ඉල්ලීමක් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *