Friday, October 30, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

පාසැල් නිල ඇඳුම් සඳහා රෙදි, ජාතික සහ බෞද්ධ කොඩි – දේශීයව සපයා ගැනීමට ජනපතිගේ අවධානය

පාසැල් නිල ඇඳුම් සඳහා රෙදි, ජාතික සහ බෞද්ධ කොඩි – දේශීයව සපයා ගැනීමට ජනපතිගේ අවධානය

ලබන වසරේ සිට පාසල් හා ආරක්ෂක හමුදා නිල ඇඳුම් සඳහා අවශ්‍ය රෙදි සැපයීමේ වගකීමෙන් වැඩි ප්‍රතිශතය දේශීය නිෂ්පාදකයන්ට පැවරීමට ඇති හැකියාව පිළිඹද සොයා බැලීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානය යොමු වී ඇත.

අද (28) පෙරවරුවේ දංකොටුව, කර්මාන්තපුරයේ Dankotuwa Textile Mill (Pvt) Ltd, කඳාන, කපුවත්ත වැන්ගාඩ් Vanguard Industrial (Pvt) Ltd සහ වත්තල Creative Textile Mill (Pvt) Ltd ආයතන නිරීක්ෂණය කළ අවස්ථාවේදී ජනාධිපතිවරයා විසින් මේ බව ප්‍රකාශ කර තිබේ. පාසල් නිල ඇඳුම් සදහා ක්‍රියාත්මක කළ කූපන් ක්‍රමයත් සමගම විශාල ප්‍රාග්ධනයක් වැය කොට ආරම්භ කළ ආයතන කිහිපයක් වසා දැමීමට සිදු වූ බවත් එමගින් විශාල රැකියා ප්‍රමාණයක් අහිමි වූ බවත් කර්මාන්තකරුවෝ පවසති.

ප්‍රථමයෙන් දංකොටුව කර්මාන්තයේ පුරයේ පිහිටුවා ඇති Creative Textile Mill (pvt) ltd ආයතනය ජනාධිපතිවරයාගේ නිරීක්ෂණයට ලක්වී තිබේ. රුපියල් මිලියන 2000ක ආයෝජනයකින් ස්ථාපිත කරන ලද එම කර්මාන්ත ආයතනය 2015 වසරේ සිට වසා තැබිණු අතර, කිසිදු ආදායමක් නොලැබ වසරකට රුපියල් මිලියන 08ක බැංකු පොළියක් ගෙවීමටද හිමිකරුට සිදුව තිබේ.

එමෙන්ම Creative Textile ආයතනය ඉන්දියාව, පාකිස්ථානය සහ චීනය යන රටවලින් නූල් ආනයනය කොට රෙදි නිෂ්පාදනය කිරීමෙන් 500 දෙනෙකුට රැකියා සපයා ඇති අතර ඉදිරියේදී එහි නිෂ්පාදන ධාරිතාව දිනකට රෙදි මීටර් ලක්ෂය දක්වා වැඩිකිරීමට අපේක්ෂා කෙරේ.

ජනාධිපතිවරයා විසින් රෙදි නිෂ්පාදනය කඩිනමින් යළි ඇරඹීමට ආයතන කළමනාකාරිත්වය දිරි ගැන්වූ අතර, ස්වයං රැකියාවක් ලෙස රෙදි නිෂ්පාදනයේ නිරත පිරිසටද පාසල් රෙදි සැපයුමට අවස්ථාව ලබාදීම පිළිඹදව සොයා බලන ලෙසද ඉල්ලා තිබේ.

දේශීය රෙදි නිෂ්පාදනය වැඩි කිරීමෙන් ආනයන පිරිවැය 68%කින් ඉතිරිකර ගත හැකි බවත් දේශීය රෙදි මිලට ගැනීමෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට වාර්ෂිකව රුපියල් මිලියන 80කට අධික මුදලක් ඉතිරිකරගත හැකි බත් මෙහිදී අනාවරණය විය.

2015ට පෙර පාසල් නිල රෙදි අවශ්‍යතාවෙන් 40%ක දායකත්වයක් දුන් කඳාන, කපුවත්ත වැන්ගාඩ් Vanguard Industrial (pvt) ltd ආයතනය මේ වනවිට ඇඳ ඇතිරිලි සහ තුවා නිෂ්පාදනයේ නිරතව සිටි. ජනාධිපතිවරයා ආයතනයේ සමස්ත නිෂ්පාදන ක්‍රියාවලිය මෙහිදී නිරීක්ෂණය කළ අතර දේශීය වෙළෙඳපොළහි රෙදි අවශ්‍යතාව සපුරාලීමට නිෂ්පාදන ධාරිතාව වැඩි කරන්නැයි ආයතන කළමණාකාරිත්වයට උපදෙස් දෙන ලදි. තම ආයතනයට ද පාසල් නිල ඇඳුම් රෙදි අවශ්‍යතාවෙන් 30%ක් සම්පාදනය කළ හැකි බව කළමනාකාරිත්වය එහිදී සඳහන් කළහ.

ත්‍රිවිධ හමුදාවේ නිල ඇඳුම් සඳහා අවශ්‍ය රෙදි නිෂ්පාදනය කරන Dankotuwa Textile Mill (pvt) ltd ආයතනයේම ශාඛාවක් වන වත්තල Cliftex Creative Textile Mill (pvt) ltd ආයතන ද ජනාධිපතිවරයාගේ නිරීක්ෂණයට ලක් විය. එම ආයතනයේ 1500ක පමණ පිරිසක් සේවය කරන අතර ආරක්ෂක අංශවලට අවශ්‍ය පරිදි රෙදි වර්ණ ගැන්වීම මෙම ආයතනයේ මූලික කාර්යයකි. ආනයනික රෙදි පරීක්ෂා නොකරන අතර, දේශීය රෙදි නිෂ්පාදන පරීක්ෂණවලට යොමු කිරීමේ දී විශාල පිරිවැයක් දැරීමට සිදුවන බව කළමනාකරිත්වය පැවසීය.

රෙදි සෝදන කුඩු වර්ග නිසි නියාමනයකට ලක් නොවන බව පෙන්වා දුන් ඕව්හු එමගින් රෙදිවල වර්ණයට විශාල හානියක් වන බව පැවසූහ. රජය දේශීය කර්මාන්තකරුවන්ට දෙන සහය ප්‍රයෝජනයට ගෙන දේශීය මෙන්ම විදේශීය වෙළෙඳ පොළ දිනා ගැනීමට උත්සුක වන්නැයි ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් ඔවුන්ගෙන් ඉල්ලා සිටියේය.

මෙම නිරීක්ෂණ චාරිකාවේදී ජාතික සහ බෞද්ධ කොඩි ආනයනය වහාම නතර කිරීමත්, අවශ්‍ය නිෂ්පාදන දේශීයව සැපයීමට පියවර ගන්නා ලෙසටත් ජනාධිපතිවරයා උපදෙස් දෙන ලදී.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *