දිවයින පුරා සිදුකළ වැටලීම්වලදී නියමිත වට ප්රමාණයට අදාල මිල ගණන් වලට වඩා වැඩි මිලට පොල් අලෙවි කල වෙළදුන් 56 දෙනෙකුට එරෙහිව අද (28) දිනයේ නීතිමය ක්රියාමාර්ග ගත් බව පාරිභෝගික කටයුතු අධිකාරිය ප්රකාශ කරයි.
මෙම වැටලීම් කොළඹ, ගම්පහ, පුත්තලම, කුරුණැගල, කෑගල්ල, රත්නපුර, මහනුවර, නුවරඑළිය , බදුල්ල, මොනරාගල, සහ මාතලේ යන දිස්ත්රික්කවලදී අද දිනයේ සිදුකර ඇති බව එම අධිකාරිය පවසයි.