පාසල් විෂය මාලාවට ජපන් භාෂාව ඇතුළත් කිරීමට පියවර…

ශ්‍රී ලංකාවේ පාසල්වල අධ්‍යයන විෂය මාලාවට ජපන් භාෂාව ඇතුළත් කිරීමට විශේෂ කැබිනට් අනුමැතිය ලැබී ඇති බව විදේශ රැකියා හා කම්කරු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා අද ප්‍රකාශ කළේය.

අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ ජපානයේ රැකියා අවස්ථා ඉලක්ක කර ගනිමින් අනාගත සංක්‍රමණික ශ්‍රමිකයින් හැඩගැන්වීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇති බවයි.

ඒ අනුව පාසල්වලට ජපන් භාෂාව විෂයයක් ලෙස 6 වන පෙළ සිට ඇතුළත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ එක්ව කටයුතු කරමින් සිටින බව අමාත්‍ය නානායක්කාර මහතා සඳහන් කළේය.

ජපන් වෙළඳපොළ ඉලක්ක කරගනිමින් ජපන් භාෂා අභ්‍යාසලාභීන් 5000කගේ සංචිතයක් ආරම්භ කිරීමේ වැඩසටහනක් ආරම්භ කිරීම ඇතුළු විදේශ රැකියා සම්බන්ධයෙන් ගෙන ඇති විවිධ ක්‍රියාමාර්ග පිළිබඳව අමාත්‍යවරයා වැඩිදුරටත් පාර්ලිමේන්තුවට කරුණු ඉදිරිපත් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *