සමගි ජනබලවේගයේ අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීම අද නෙළුම් පොකුණේදී

අද (02) උදෑසන 09ට නෙළුම් පොකුණ රඟහලේදී සමගි ජනබලවේගය සන්ධානයේ අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීමට සියලු කටයුතු සූදානම් බව සමගි ජනබලවේගය සන්ධාන පාර්ශ්වය පවසයි.

ඒ අතර එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද (02) දින මෙම උත්සවය පැවැත්වීමට නියමිත වෙලාවේ දීම පක්‍ෂයේ පළාත් පාලන ආයතන නියෝජිතයන් සහ හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් සිරිකොත පක්‍ෂ මූලස්ථානයට කැඳවා ඇති බව වාර්තා වේ.

මේ පිළිබඳ ඊයේ (01) සිරිකොත එක්සත් ජාතික පක්‍ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී ආශු මාරසිංහ මහතාගෙන් කළ විමසීමේදී හෙතෙම පවසා සිටියේ, එය මෙම සන්ධානයේ ගිවිසුම් අත්සන් කිරීමේ දින නියමවන්නට පෙර යොදාගත් රැස්වීමක් බැවින් අනිවාර්යයෙන්ම එය අද (02) පැවැත්වෙන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *