කොළඹ කොවිඩ් ආසාදිතයින් ගණන 10,000 පනී

කොවිඩ් දෙවන රැල්ලේ ආරම්භ වූ ඔක්තෝබර් 04 වැනිදා සිට අද (03) දිනය දක්වා ගතවූ කාලය තුළ කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වු කොවිඩ් ආසාදිතයින් ගණන 10,140 දක්වා ඉහළ ගොස් තිබේ.

කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරන්නේ ඊයේ (02) දිනයේ දී මෙරටින් ආසාදිතයින් 878ක් වාර්තා වී ඇති බවත්, එයින් ආසාදිතයින් 402ක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තාවී ඇති බවත්ය.

එමෙන්ම ඊයේ දිනයේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 188 දෙනෙක් හා කළුතර දිස්ත්‍රික්කයෙන් 98ක් හඳුනා ගෙන ඇති බවත්, කළුතර දිස්ත්‍රික්කයේ හඳුනාගත් ආසාදිතයින් අටුලුගමින් වාර්තා වී ඇති බවත් එම මධ්‍යස්ථානය නිවේදනය කරයි.

මේ අතර, මහනුවරින් ආසාදිතයින් 27ක්, කුරුණෑගල 24ක්, රත්නපුරයෙන් 52ක්, පුත්තලමෙන් 29 ආදි ලෙස වාර්තා වී තිබේ.

අද වන විට මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 25,409ක් ලෙස වාර්තාවී ඇති අතර, ඉන් පුද්ගලයින් 18,303ක් පුර්ණ සුවය ලබා තිබේ. ඒ අනුව මේ වනවිට මෙරට රෝහල්ගත කර ඇති රෝගීන් ගණන 6,982ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *