නව කොරෝනා වෛරසය Covid-19 ලෙස නම්කරයි

ව්‍යසනයක් මෙන් ලොව පුරා පැතිරී ගිය නව කොරෝනා වෛරසය, කොවිඞ් නයින්ටීන් (Covid-19) රෝගය ලෙස නම් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය තීරණය කර තිබෙනවා. මෙලෙස කොරෝනා වෛරස් රෝගයට නමක් ඉදිරිපත් කර ඇත්තේ ඉන් සිදු වූ පුද්ගල මරණ දහසේ සීමාව පසුකළ පසුබිමකයි.

නව කොරෝනා වෛරසය ආශී‍්‍රත රෝගයට නිල නාමයක් ලබා දෙන ලෙස ඒ පිළිබඳ පරීක්ෂණ කරන විද්‍යාඥයින් මීට පෙර ඉල්ලා සිටියා. ඒ, වෛරසය හේතුවෙන් කිසියම් රටකට හෝ පුද්ගල කණ්ඩායමකට සිදුවිය හැකි අපකීර්තිය හා අපහසුතාවන් වලක්වා ගැනීමේ අරමුණින්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *