Online

විභාග අයදුම්පත් කැඳවීම Online ක්‍රමයට

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මඟින් පවත්වන සියලූම පාසල් විභාග සඳහා අයදුම්පත් කැඳවීම 2020 වසරේ සිට Online ක්‍රමයට සිදු කිරීමට අවශ්‍ය මුලික කටයුතු සංවිධානය කර තිබේ.

සෑම ශිෂ්‍යයෙක් සඳහාම 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ සිට “අනන්‍ය වු ශිෂ්‍ය අංකයක්” ලබා දෙන අතර මෙම අංකය මඟින් ශිෂ්‍යාගේ විභාග ප්‍රතිඵල මෙන්ම දත්ත පද්ධතියට ඇතුළත් කරන ලද විෂය බාහිර ක්‍රියාකාරකම් යනා දි තොරතුරු ද පහසුවෙන් ලබා ගත හැකි බව විභාග කොමසාරිස් ජෙනරාල් බී. සනත් පූජිත මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

තවද අ.පො.ස. උසස් පෙළ විභාගයේ ගිණුම්කරණය, ජෛය පද්ධති තාක්ෂණවේදවය,ඉංජිනේරු තාක්ෂණවේදය සහ තාක්ෂණවේදය සඳහා විද්‍යාව යන විෂයන් සඳහන් වැඩසටහන් සම්පාදනය කළ නොහැකි ගණක යන්ත්‍ර (ණොන් ඵ්‍රොග්‍රම්මබ්ලෙ cඅල්cඋලටොර්ස්) භාවිතා කිරීමට අවසර ලබා දීමට මේ වන විට අවධානය යොමු කර ඇතිබව වාර්ථා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *