නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද සහ හෙට කොළඹ වතුර කපන තැන් මෙන්න

අද (26) රාත්‍රී 8.00 සිට හෙට (27) උදෑසන 6.00 දක්වා කොළඹ 12, 13, 14 සහ 15 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බවත්, කොළඹ 11 ප්‍රදේශයට අඩු පීඩන තත්ත්වයක් යටතේ ජලය සැපයෙන බවත් ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.

ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් දන්වා සිටින්නේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට සිදු වන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *